Sri Lanka

Saturday, February 8, 2014

රගහල දැන් ඇත අඩ අදුරේ



පේරාදෙණිය සරසවිය සම්බන්ධ කතාම මට ලියන්න වෙන්නෙ ඇයි කියල මම දන්නෙ නැහැ. ඒත් ඉතින් ලැබෙන්නෙම ඒ විදියෙ කතාමයි. මේ කතාවනම් ගොඩක් අය දන්නව ඇති. ඒත් ඉතිං දන්න නොදන්න හැමෝටම බලාගන්න ලියන්න හිතුන. මුලින්ම කියන්න ඔන මේක ලියන්නෙ මේකට සම්බන්ධ අයට අපහසයක් කරන්න නම් නෙමෙයි. නමුත් මේ දිදුවීම මේ විදියට සිද්ධවුන හන්ද ලංකවෙ කවුරුත් අගය කරන විශිෂ්ඨ නිර්මාණයක් බිහි වුනා. ඒකයි එතන තියන වැදගත්මදේ.

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ 1956 විතර තමයි. මේ කාලෙ පේරාදෙණිය සරසවියෙ සිංහල අධ්‍යයන අංශයේ තරුණ මහාචාරය වරයෙක් හිටිය. බොහොම දක්ෂයෙක් මේ මහාචාර්ය වරය. ගොඩක්ම මෙතුමා වේදකා නාට්‍ය පැත්තට තමයි බර වෙලා ඉදල තියෙන්නෙ. ඒ සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂන එහෙම කරල තියනව මෙතුමා.

ඔන්න එතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ඉන්නකොට එතුමට සහය වෙන්න එතුමගෙ හොදම යාළුවත් එනවලු. දෙන්නම එකතු වෙලා තමයි මේ නාට්‍ය කටයුතු කරගෙන ගිහින් තියෙන්නෙ. එ හන්දම ඉතින් යාළුව නිතරම වගේ ගෙදරත් එනවලු යනවලු. මහාචාර්ය වරයත් ඉතින් යාලුවාව මාර විදියට විශ්වාස කරල තියෙන්නෙ. යාලුවාව එතුමා නැති වෙලාවට ගෙදර යවන්න උනත් හිතේ බයක් තිබිල නැහැ ඉතින්.

ඔන්න දවසක් හවස් වෙනකල් විශ්ව විද්යායලයේ වැඩකරපු අපේ මහාචාර්යවරය ආවලු ගෙදර. ඇවිත් බිරිදට කතා කළාලු. ඒත් බිරිද නම් අහලකවත් පෙන්න ඉදල නෑ. හැම තැනම බැලුවත් බිරිද නෑ. පස්සෙ දැනගත්තලු බිරිද තමන්ගෙ අර යාළුවත් එක්කම පැනල ගිහින් කියල. පොඩි පුතාව අරන් ගිහින්. දුවව තියලා ගිහින්.

එත් ඉතින් හොදම වැඩේ ඒක නෙමෙයි. එතුම ටිකක් වෙනස්ම විදියට හිතන කෙනෙක්. අපි වගේ ඇඩුවෙ නෑ. පිස්සු වැඩ කලේ නෑ. සියදිවි නසා ගන්න ගියෙ නැහැ. තනිවම කාමරේ ඉදගෙන බුද්ධගමට නැඹුරුවීම හා පොත් කියවීම පමණයි කලේ. පස්සෙ තමන්ගෙ හිතේ තියෙන දුක නිවෙන්න සහ හිතේ තියෙන දේවල් කියන්න හැදුව නාට්‍යයක්...මොකද්ද දන්නවද මේ නාට්‍ය? ඒ තමයි අපි කවුරුත් දන්න මනමේ.

මෙතුමන් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුග්ගහ ජාතකයේ සැකිල්ලත් පදනම් කරගෙන ඒකට තමන්ගෙ පෞද්ගලික දර්ශනෙත්, මනමේ කුමරිය පිළිබද මානුෂීය විග්‍රහයකුත් එකතු කරල. ඒත හැබැයි ව්‍යංගයෙන් සිය බිරිද ගැන, තමාගෙ හිතේ තියෙන තරහ ලස්සනට ප්‍රකාශ කරණව. ගෑනු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්... කඩුව තියාගෙන කොපුව දෙන ජාතියක්. ආල බස් තෙපලල වෙනඋන් එක්ක යන ජාතියක්. පෙරලෙනපිට හොදයි කියන ජාතියක් කියල.
 කොහොමද මහාචාර්යතුමාගෙ වැඩ..

අනිත් එක මෙතුම එක තැනක මේ විදියට කියල තියනවනෙ.,

"එහෙත් මගේ අදහස වූයේ බිසව අහිංසක ස්ත්‍රියක ලෙස නිරූපණය කිරීම ය. සිදු වූ දෙයින් ඇය තිගැස්සුණාය. අන්දුන්කුන්දුන් වූවාය. ඒ අවස්ථාවෙහි ඇයට පිහිට වීමට සිටියේ වැදි රජු පමණි. එබැවින් ඇය ඔහුට සමීප වූවාය. තමා අනාථ වූ බැවින් අන්දුන්කුන්දුන් වී වැදි රජු වෙත තම සහාය දැක්වූවා ය.

මුළු නාට්‍යයෙන්ම කියවෙන්නේ මනුෂ්‍යයාට අනපේක්ෂිතව සිදු විය හැකි අභාග්‍ය ගැනය. මනුෂ්‍ය ජීවිතයෙහි මෙබදු අනපේක්ෂිත අභාග්‍ය සිදු විය හැකි හෙයින් මනුෂ්‍ය ඉරණම වෙත ප්‍රේක්ෂකයා කම්පා වනු ඇතැයි මම සිතුවෙමි.

මනුෂ්‍ය ලෝකයෙහි මෙවැනි අභාග්‍ය ඉරණමක් කෙනෙකුට අත් විය හැකි බව දැක්වීමය, මගේ අදහස වූයේ. එනම් ජීවිතයෙහි අනිත්‍යය මෙන්හි කිරීමට ප්‍රේක්ෂකයාට තුඩු දීමය."

රගහල දැන් ඇත අඩ අදුරේ
අප දෙදෙනා ‍පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය  මනමේ
තනිවී ඇත හිමගිරි අරනේ..

දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ

හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා..

තවත් සමහරු කියනව මේ සිදුවීමත් එක්ක බිහිවුනේ සිහබාහු නාට්‍යය කියල. මම නම් කියන්නෙ මේ දෙකටම මේ සිද්ධිය බොහොම තදින් බලපාල තියනව. එත් ගොඩක්ම බලපාල තියෙන්නෙ ඊටත් පස්සෙ වෙච්ච සිද්ධියක්.

බිරිද යාළුවත් එක්ක පැතල යනකොට මහාචාරය වරයගෙ දුවට වයස අවුරුදු 14ක් විතර ඇති. එතුමන් තමන්ගෙ දුවට පුදුමාකාර ආදරේකින් සෙනෙහසන් තමයි ඉදල තියෙන්නෙ. බිරිද නැති ඒ අවුරුදු කීපයේ එතුමාගේ ලඟින්ම ඉඳල තියෙන්නේ තමන්ගෙ දුව. එයා රසට කෑම උයනවලු. තාත්තට ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන හොයල බලල බේත් හේත් කරනවලු. ගේ අස් කරනවලු. තාත්තගේ පොත්, අනෙක් බඩු එහෙම පිළිවෙලකට හදලා තියනවලු. තාත්තා කැම්පස් එකේ ඉඳං එන්න පමා වුනොත් එක්කෝ දොර ලඟට වෙලා හරි නැත්නම් ගේට්ටුවේ එල්ලිලා ගේට්ටුව පැද පැද බලන් ඉන්නවලු.

ඉතින් දවසක් මෙතුමා ගෙදර එනකොට අර අවුරුදු ගානකට කලින් වුනා වගේ ගෙදර හිස් වෙලා. විපරම් කරලා බලනකොට තමන්ගෙ ආදරණීය දුවත් එයා යාලු වෙලා හිටිය පිරිමි ළමයත් එක්ක ගිහින්. මහාචාර්ය තුමා එදා වගේම හොයන්න ගියෙත් නෑ,රණ්ඩු වෙන්න ගියෙත් නෑ.. එදා තමයිලු සිංහබාහු නාට්‍යයේ අපි කවුරුත් දන්නා "ගල් ලෙන බිඳලා" ගීතය ලියවුනේ. මේ සිදුවීම් වල ප්‍රතිඵලයක් හැටියට තමයි සිංහබාහු නාට්‍යය ලියවෙන්නෙ. මම දන්න හැටියට සිංහබාහු ලියවුනේ 1961 අවුරුද්දේ.

එතුමන් ගලලෙන බිදලා ගීතයෙ මෙන්න මේ විදියට සදහන් කරල තියෙන්නෙ වෙන කෙනෙක් ගැන නෙමෙයි තමන්ගෙ ආදරණීය දුව ගැනමයි.

හුරතල් දියණිය මොලකැටි වදනින්
මා සනස්නිය අහර පිසන්නිය
කවන්නිය පොවනිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
ඈත් ගොසින්ය
අයි සුදු දුවනියේ නුඹවත් නොසිටියෙ
සොහෝයුරානම් ඔල මොල ගති ඇත
නුඹ මෙන් මෘදු නැත
ඔහුගෙ අණටද කීකරු වූයේ
පෙරලා ඒනෙද ඔහුගෙන් ගැලවී