Sri Lanka

Thursday, May 5, 2016

එරබදු උදානය 2016 රාත්‍රී වොලිබෝල් තරගාවලිය


එරබදු උදානය 2016 රාත්‍රී වොලිබෝල් තරගාවලිය

එරබදු උදානය 2016ට සමගාමීව පවත්වපු රාත්‍රී වොලිබෝල් තරගාවලිය 2016.04.14 දින ඉතාමත් සාර්ථකව පැවැත්වීමට අපිට හැකියාව ලැබුණ. මෙහිදී ජයග්‍රහණය ලබාගත්තෙ යාපහුව - පයිලිගම බුවනෙකබා යෞවන සමාජයේ ජ්‍යෙෂ්ට කණ්ඩායම. ඒ වගේම අනු ශූරතාවය දිනාගත්තෙ දුමින්ද නිරෝෂන් ප්‍රමුඛ විවාහක කණ්ඩායම. ඒ වගේම තුන්වන ස්ථානය දිනාගත්තෙ ආරක්ෂක අංශ වල සේවය කරන නිවාඩු ලබා පැමිණ සිටින කණ්ඩායම. ඒ දියලුම දෙනාට බුවනෙකබා අපේ සුභපැතුම් පිරිනමන අතර මේ කටයුත්ත සාර්ථක කරගැනීමට දායක වුන සියලුම දෙනාට අපගේ ගෞරවණීය ස්තූතිය.....




















ආවර්ජනා වැඩිහිටි සුහද හමුව 2016.04.13


ආවර්ජනා වැඩිහිටි සුහද හමුව
 
යාපහුව - පයිලිගම ප්‍රදේශයේ වැඩිහිටිම 50 දෙනෙක් තමයි අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තෙ. ප්‍රදේශයේ ඉතිහාසය ගොඩනගපු ඒ සුන්දර මිනිසුන්වඅගය කරල ඒ කාලෙ එකට වැඩ කරපු මිනිස්සු එකට එකතු කරල සුහදව කතා බහ කරන්න අවස්ථාවක් සලසලා දීල ඔවුන්ව සතුටු කරන එක තමයි අපේ එකම අරමුණ වුනනේ. ඉතින් මේ වැඩසටහන් සාර්ථක කරගන්න අපිට ගොඩක් දෙනෙක් උදව් උපකාර කලා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි...